පාසල් දරුවන් සදහා ” හෙට දිනන රටට – මතින් තොර පරපුරක්” යන තේමාව යටතේ ප්‍රවීන දේශක පොලිස් පරීක්ෂක මදුමාල් ගමගේ මහතා විසින් මෙහෙය වන ලද මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.03.03 දින ඌරුබොක්ක ජාතික පාසලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විය.මේ සදහා පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති විජිත රංගමගේ මැතිතුමා ඇතුළු නිලධාරින් ,මන්ත්‍රී මණ්ඩලයේ මහත්ම මහත්මීන් ,ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපතිතුමන්,ඌරුබොක්ක ජාතික පාසලේ විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය සහභාගී වූහ.








