2026 නව වසරේ සමාරම්භය

You are currently viewing 2026 නව වසරේ සමාරම්භය

2026 නව වසරේ සමාරම්භය සනිටුහන් කරමින් අද දින (01) උදෑසන ගරුතර සංඝරත්නයට දානය පිරිනැමීමෙන් අනතුරුව උන්වහන්සේලාගේ ආශීර්වාදය මධ්‍යයේ ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කර මිය ගිය සියලු රණවිරුවන් හා රට වැසියන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදී.🌷

පසුව සියලුම නිලධාරීන් රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීමෙන් අනතුරුව පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ රාජකාරි කටයුතු ආරම්භ විය.🌷

මෙම අවස්ථාවට සදහා පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති විජිත රංගමගේ මැතිතුමා ඇතුලු මන්ත්‍රී මණ්ඩලය සහ ලේකම් දිනූශා ලක්මාලි මිය ඇතුලු කාර්‍ය් මණ්ඩලය සහභාගී විය.

එමෙන්ම පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ නිල වෙබ් අඩවිය ප්‍රකාශයට පත්කිරීමද අද දින සිදු කරනු ලැබීය.