සේවා අංශ
ගිණුම් හා ආදායම් අංශය
ගිණුම් හා ආදායම් අංශය යටතේ ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩල වැටුප් සැකසීම, වැටුප් ප්‍රතිපූර්ණය කිරීම,බැංකු සැසඳුම් පිළියෙල කිරීම, නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම්, සැපයුම් හා සේවා, දේපල ණය, අග්‍රහාර රක්ෂණ, වවුචර් පරීක්ෂාව, විගණන විමසුම්, අත්තිකාරම් හා බැරකම් පිළිබඳව කටයුතු කිරීම,ගිණුම් සාරාංශය, වාර්ෂික මූල්‍ය ප්රකාශනය සකස් කිරීම, කාර්ය සාධන වාර්තා සකස් කිරීම, සුළු මුදල් අග්‍රිමය පවත්වාගෙන යාම, වැටුප් වැඩිවීම් ගෙවීම් පරීක්ෂා කිරීම, බලතල පැවරීම් සැකසීම, විගණන කළමනාකරණ කමිටු පැවැත්වීමට අදාළ කටයුතු, සියලුම වැය ශීර්ෂ සඳහා වන ප්‍රතිපාදන හා වියදම් ලෙජර්ගත කිරීම, සරප්, ප්‍රාදේශීය සභාවේ ආදායම් වාර්තාව පිළියෙල කිරීම, වවුචර් ලිවීම, චෙක්පත් ලිවීම, මුදල් හා චෙක්පත් ලබා ගැනීම, වැය අනුමැතිය, ගබඩාව, තැන්පත් ගිණුම පවත්වාගෙන යාම ආදිය සිදු කෙරේ.
ආදායම් අංශය යටතේ ප්‍රධාන වශයෙන් ආදායම් ප්‍රවර්ධනය, වරිපනම්, අක්කර බදු, බලපත්‍ර ගාස්තු අය කිරීම හා නිරීක්ෂණය, ව්‍යාපාර බදු හා අක්කර බදු, හිඟ වරිපනම්, කඩ බදු හා වෙළද බලපත්‍ර ආදී කටයුතු සිදු වේ.