අප ගැන

දැක්ම

ප්‍රජාවගේ සුඛ විහරණය සදහා සෞභාග්‍යවත් පුරවරයක් නිර්මාණය කිරීම

මෙහෙවර

බල ප්‍රදේශය සතු සම්පත් තිරසාර ලෙස යොදවමින්, උපරිම ප්‍රජා සහභාගීත්වයෙන් යුතුව ධරණීය සංවර්ධනයක් උදෙසා කැපවීමෙන් කටයුතු කිරීම

අගයන්

යහපාලනය
අපක්ෂපාතී සේවාලාභී ප්‍රමුඛත්වය
කාර්යකෂම හා ආචාරශීලී සේවාව
ඵලදායී ලෙස සම්පත් භාවිතය
පරිසර හිතකාමී බව

මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන පස්ගොඩ ප්‍රාදේශීය සභාව පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 43කින් හා වර්ග කිලෝමීටර් 149.51 කින් සමන්විත වේ. සභා බල ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා, මං මාවත්, ඉඩම් හා ගොඩනැගිලි, ජල සේවා, පොදු උපයෝගීතා සේවා සහ සුභසාධක සේවාවන් ඉටු කිරීම ආයතනයේ ප්‍රධාන කාර්ය වේ.

ඉලක්ක

දකුණු පළාතේ පළාත් පාලන ආයතන අතර ප්‍රමුඛයා වීම

අරමුණු

කාර්යක්ෂම හා ඵලදායී පළාත් පාලන ආයතනයක් ලෙස සිය කාර්යයන් පවත්වාගෙන යාම.
සේවාලාභීන් මූලික කොට ආකල්ප වර්ධනය, විචක්ෂණශීලී සම්පත් භාවිතය, අපක්ෂපාතීත්වය හා විනිවිදභාවයෙන් යුතු පාලනයක් ඇති කිරීම.
පළාත් පාලන ආයතනය තුළ විවිධ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ව්‍යාපෘති මගින් ලැබෙන මුල්‍ය හා මූල්‍ය නොවන සම්පත් යෙදවීම හා ඒ සම්බන්ධයෙන් පසු විපරම් සිදු කිරීම

බල ප්‍රදේශයට අයත් කොට්ඨාස සහ ග්‍රාම නිළධාරී වසම්

පස්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය