නගරය පිරිසිදු කිරීම බස් නැවතුම්පොළ අසල කසල භාජන ස්ථාපනය කිරීම සහ විධිමත්ව කසල බැහැර කිරීම පිලිබද මගී ජනතාව දැනුවත් කිරීම

You are currently viewing නගරය පිරිසිදු කිරීම බස් නැවතුම්පොළ අසල කසල භාජන ස්ථාපනය කිරීම සහ විධිමත්ව කසල බැහැර කිරීම පිලිබද මගී ජනතාව දැනුවත් කිරීම

කුරුල්ලන්ට ගී ගයන්න…

වන මල් පිපෙන්න….

දිය දහර ගලන්න…

කියා දිය යුතු නැත

එහෙත් සොබාදහම සුරකින්න

මිනිසාට කියාදිය යුතුව ඇත….🌷

නගරය පිරිසිදු කිරීම බස් නැවතුම්පොළ අසල කසල භාජන ස්ථාපනය කිරීම සහ විධිමත්ව කසල බැහැර කිරීම පිලිබද මගී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.02.04 දින ඌරුබොක්ක නගරයේදී පැවැත්විය.මේ සදහා ප්‍රදේශයේ විහාරස්ථාන වල ගරුතර සංඝරත්නය ,පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ නිලධාරින්,ඌරුබොක්ක පොලීසිය සහ ක්‍රියාකාරී මහජනතාව සහභාගී විය.🌷

එයට සමගාමීව රියදුරුමහතුන්ගේ, කොන්දොස්තර මහතුනගේ සහ මගී ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ඌරුබොක්ක බස් නැවතුම්පල අසල කසල භාජන 2026.02.04 වන දින සිට ස්ථාපනය කර ඇත. ඔබ විසින් කසල බඳුන් වලට දැමීමේදී කසල නිසි පරිදි වෙන්කර දැමිය යුතු අතර කිසියම් පුද්ගලයෙකු මෙම ක්‍රියාවලියට පටහැනිව කැසර බැහැර කිරීම සිද කරන්නේ නම් එම පුද්ගලයන්ට විරුද්ධව දැඩි නීතිය ක්‍රියාත්මක කරනු ලැබේ.මගී ප්‍රවාහන බස් රථ පිරිසිදු කිරීමෙන් අනතුරුව එම කසල වෙන්කොට කසල බඳුන් වලට බැහැර කිරීම අනිවාර්ය වේ.සියලු කටයුතු ඌරුබොක්ක පොලිස් ස්ථානය මගින් CCTV කැමරා මගින් නිරීක්ෂණය කිරීම සිදු කෙරේ.

☘️දකුණු ලක සිංහරාජ අඩවියට මායිම්ව සොබාව සෞන්දර්යයෙන් අනූන වූ ගම්මානයක කොටස්කරුවෝ අපි වෙමු.

☘️ඉවතලන සියලු දේ විදිමත්ව බැහැර කරමු.

සොබාදහම මිල කල නොහැක.මිලදී ගත නොහැක.ඒ මන්දයත් අපගේ ජීවිතය රදා පවතින්නේ සොබාදහම රැක ගතහොත් පමණි.

☘️අපගේ ගම පමණක් නොව නගරය, පළාත, රට ලස්සන කිරීමේ කර්තව්‍යයට අභිමානයෙන් දිරිදෙමු.🙏🌷