මහජන පැමිණිලි

යොමු කිරීමට click කරන්න

Welcome to the official website of Pasgoda Pradeshiya Sabha

ඔබගේ ගෙවීම් සහ සේවා සදහා වෙන් කිරීම් පහසුවෙන් අන්තර්ජාලය හරහා සිදුකරන්න.

පෝලිම්වල රස්තියාදු නොවී ප්‍රාදේශීය සභාවට කළ යුතු ගෙවීම් සහ සේවා සදහා වෙන් කිරීම් අන්තර්ජාලය ඔස්සේ පහසුවෙන් , ආරක්ෂිතව හා විශ්වාසවන්තව ඔබගේ බැංකු කාඩ්පත හරහා ගෙවීමට මෙහි click කරන්න.

පුරවැසි ප්‍රඥප්තිය

සේවා අංශ

පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ මෙහෙයුම් කටයුතු
ප්‍රධාන අංශ 4 ක් යටතේ සිදු කරනු ලබයි.

නවතම පුවත් හා සිදුවීම්

විජිත රංගමගේ

සභාපති
පස්ගොඩ ප්‍රාදේශීය සභාව

රුහුණු පුරවරයේ සුන්දර සිංහරාජ අඩවියට මායිම්ව ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූ පස්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශය ප්‍රජාවගේ සුඛ විහරණය සදහා  සෞභාග්‍යවත්  පුරවරයක් නිර්මාණය කිරීමේ අභිමානවත්  දැක්ම පෙරදැරිව, එම කර්තව්‍යය සදහා මං පෙත් විවර කිරීමට බැඳී සිටින බලප්‍රදේශයේ ප්‍රථම පුරවැසියා වීම පිළිබඳ ඉමහත් සතුටට පත්වෙමි.

ආර්. දිනූෂා ලක්මාලි

ලේකම්
පස්ගොඩ ප්‍රාදේශීය සභාව

නූතනයේ තාක්ෂණයේ දියුණුවත් සමග මහජනයාට ඇවැසි සේවාවන් කාර්‍යක්ශමව හා එලදායී ලෙස ලබාදෙමින්    රාජ්‍ය සේවය හා මහජනයා අතර මනා වඩාත් සමීප සම්බන්ධතාවයක් ඇති  කරනු වස් පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ වෙබ් අඩවිය සාර්ථක ලෙස ආරම්භ කිරීමට හැකි වීම පිළිබඳව මා ඉමහත් සතුටට පත් වෙමි.

අපගේ සේවාවන්

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

උපදෙස්   |   අයදුම් පත්‍රය භාගත කර ගන්න

ඉඩම් අනු බෙදුම් හා ඒ්කාබද්ධ කිරීමේ සංවර්ධන සැලසුම් අනුමත කිරීම

උපදෙස්   |   අයදුම් පත්‍රය භාගත කර ගන්න

සංවර්ධන බලපත්‍රයක වලංගු කාලය දීර්ඝ කිරීම

උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා ආවරණ අනුමැතිය ලබා දීම

උපදෙස්

අනුකූලතා සහතික නිකුත් කිරීම

උපදෙස්

වීථි රේඛා/ගොඩනැගිලි සීමා සහතික නිකුත් කිරීම

උපදෙස්   |   අයදුම් පත්‍රය භාගත කර ගන්න

නොපවරවා ගැනීමේ සහතික නිකුත් කිරීම

උපදෙස්

වෙළඳ බලපත්‍ර නිකුත් කිරීම

උපදෙස්   |   අයදුම් පත්‍රය භාගත කර ගන්න

ව්‍යාපාර බදු අය කර ගැනීම

උපදෙස්   |   අයදුම් පත්‍රය භාගත කර ගන්න

කර්මාන්ත බදු අය කර ගැනීම

උපදෙස්   |   අයදුම් පත්‍රය භාගත කර ගන්න

පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම

උපදෙස්   |   අයදුම් පත්‍රය භාගත කර ගන්න

ප්‍රචාරක දැන්වීම්, ප්‍රදර්ශන අවසර පත්‍ර නිකුත් කිරීම

උපදෙස්   |   අයදුම් පත්‍රය භාගත කර ගන්න

මාර්ග පළුදු කිරීමට අවසර ඉල්ලීම

උපදෙස්

ගස්වලින් සිදු වන අනතුරුදායක තත්ත්වය ඉවත් කිරීම

උපදෙස්

මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන පස්ගොඩ ප්‍රාදේශීය සභාව පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 43කින් හා වර්ග කිලෝමීටර් 149.51 කින් සමන්විත වේ. සභා බල ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා, මං මාවත්, ඉඩම් හා ගොඩනැගිලි, ජල සේවා, පොදු උපයෝගීතා සේවා සහ සුභසාධක සේවාවන් ඉටු කිරීම ආයතනයේ ප්‍රධාන කාර්ය වේ.

ප්‍රාදේශිය සභාව විසින් සපයනු ලබන සේවා පොදු පරිපාලනය, මූල්‍ය කටයුතු,තක්සේරු කිරීම් හා ආදායම් එකතු කිරීම, අභ්‍යන්තර විගණනය, කාර්යමණ්ඩල පුහුණු කිරීම් ආදී ව්‍යාපෘති ඔස්සේ ක්‍රියාත්මක කරනු ලැබේ.

සභාව වෙත පැවරී ඇති ව්‍යවස්ථාපිත බලතල ,කාර්යයන් හා යුතුකම් ක්‍රියාත්මක කිරීමේදී හා ඉටු කිරීමේදී  පනවනු ලබන ප්‍රතිපත්ති හා තීරණ නිසියාකාරව,අප්‍රමාදව හා අර්ථවත්ව ඉටු කරනු ලබන බවට තහවුරු කිරීම අපේක්ෂා කරනු ලබයි.

බල ප්‍රදේශයේ
ජනගහනය

0

විශාලත්වය
(ව.කි.මී)

0

ග්‍රාම නිලධාරී
වසම්

0

නිලධාරී
මණ්ඩලය

0

නිපුණ පෙර පාසල - බෙරලපනාතර

පස්ගොඩ ප්‍රාදේශීය සභාව මගින් මාසිකව මුදල් අය කිරිමකින් තොරව ප්‍රජා‍ සත්කාරයක් වශයෙන්
බෙරලපනාතර නිපුණ පෙර පාසල
පවත්වාගෙන යනු ලබයි.

ඇතුළත් වීමේ ගාස්තු  – රු. 500/-

මහජන පුස්තකාලය

දැනට තුන්වන ශ්‍රේණියේ පුස්තකාලයක් වශයෙන් පවතින පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ මහජන පුස්තකාලයෙන් පාඨකයන් 3772ට ආසන්න ප්‍රමාණයක් අපගේ සේවාව ලබා ගැනීමත්, දිනෙන් දින සාමාජික වන පිරිස වර්ධනය වීමත් ප්‍රවනතාවයකි. 

නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව

ග්‍රාමීය ප්‍රජාවගේ නිරෝගිතාවය  සුරක්ෂිත කිරිමේ අරමුණින් පස්ගොඩ ප්‍රාදේශිය සභාව යටතේ රජයේ නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාවක් දැනට පවත්වාගෙන යනු ලැබේ. එය ඌරුබොක්ක කාර්යාලීය පරිශ්‍රයේ  සහ බෙංගමුව උප කාර්යාලීය පරිශ්‍රයේ දැනට ස්ථාපිත කර ඇත.

  • ඌරුබොක්ක ආයුර්වේද බෙහෙත් ශාලාව – සඳුදා, බදාදා සහ සිකුරාදා  දින පෙ.ව 9.00 සිට ප.ව 3.30 දක්වා
  • බෙංගමුව ආයුර්වේද බෙහෙත් ශාලාව – අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා  දින පෙ.ව 9.00 සිට ප.ව 3.30  දක්වා  ප්‍රතිකාර සඳහා විවෘතව ඇත.

ළමා උද්‍යානය

සභාව සතු ළමා උද්‍යානය ළමා උත්සව කටයුතු සදහා බදු දීම දිනකට රු. 10,000/-

මහජන ක්‍රීඩාංගනය

  • ඌරුබොක්ක මහජන ක්‍රීඩාංගනය විනෝද සැණකෙලි/සංගීත ප්‍රසංග පැවැත්වීම සදහා දිනකට  රු. 10,000/-
  • ඌරුබොක්ක මහජන ක්‍රීඩාංගනය ක්‍රීඩා තරග/ක්‍රීඩා උත්සව/වෙළද ප්‍රවර්ධන කටයුතු/මහජන රැස්වීම් සදහා දිනකට රු. 10,000/-
  • වෙනත් රු.2,000/-
  • ඌරුබොක්ක මහජන ක්‍රීඩාංගනය බදු දීමේදී ආපසු ගෙවනු ලබන ඇප තැන්පතු  රු.10,000/-

වීනස් සම්මන්ත්‍රණ ශාලාව

ඌරුබොක්ක නා ගස් හන්දියේ පිහිටි ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ ඉහල මහලේ පවතින වීනස් ශ්‍රවණාගාරය ආසන 150 යුක්ත වේ.

  • වීනස් සම්මන්ත්‍රණ ශාලාව බදු දීමේදී දිනකට රු. 8,000/-
  • ඇප තැන්පතු  රු. 10,000/-