පස්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව රැස්වෙයි.

You are currently viewing පස්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව රැස්වෙයි.

පස්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.05.12වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති විජිත රංගමගේ මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, පස්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ලේකම් (ප්‍රාදේශීය ලේකම්) ටී. එච්. දර්ශන වර්ණප්‍රිය මහතා හා මාණ්ඩලික නිලධාරින් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාලීය නිලධාරීන්, ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන් ,ග්‍රාම නිලධාරින් ,සමෘද්ධි සංවර්ධන නිලධාරින්,මහජන සෞඛ්‍යය පරීක්ෂක නිලධාරීන් වෛද්‍ය නිලධාරීන් හා පොලිස් නිලධාරීන්, ඇතුළු කොට්ඨාසයේ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී කොට්ඨාසයේ සංවර්ධනය හා ජන ජීවිතය නංවාලීම වෙනුවෙන් තීන්දු තීරණ රැසක් ලබා ගත් අතර මේ දිනවල පැතිර යන මෙනින්ජයිටිස් ( MENINGITIS) වසංගත රෝග තත්ත්වය පැතිරීම පාලනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධව විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.