මහජන පුස්තකාලය

පුස්තකාල සාමාජික ගාස්තු:-

  • සාමාජික ගාස්තු රු 300.00
  • ප්‍රමාදවන සැම දිනකම රු 2.00

පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ මහජන පුස්තකාල වල සාමාජිකත්වය ලබා ගැනීම සදහා වු අයදුම්පත්‍රය පහතින් බාගත කරගන්න

අපගේ ප්‍රාදේශිය සභාව යටතේ පුස්තකාල 02ක් පවතී.

  1. පස්ගොඩ ප්‍රාදේශිය සභා  ඌරැබොක්ක මහජන පුස්තකාලය (1985-03-15දින ආරම්භ කරන ලදී)
  2. බෙංගමුව උප කාර්යාලීය මහජන පුස්තකාලය (1984-10-01 දින ආරම්භ කරන ලදී)

මොරවක් කොරලයේ මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ, වර්ග කි.මී. 149.51 භුමි ප්‍රමාණයක් යුක්ත වන අතර ග්‍රාම නිළධාරි වසම් 43ක් හා ජනගහනය 70490 ප්‍රමාණයක දැනුම් පිපාසය නිවාලීමට අප පුස්තකාල සමත් වී ඇත. දැනට තුන්වන ශ්‍රේණියේ පුස්තකාල වශයෙන් පවතින අතර පාඨකයන් 3772 කට ආසන්න ප්‍රමාණයක් අපගේ සේවාව ලබා ගැනීමත් , දිනෙන් දින සාමාජික වන පිරිස වර්ධනය වීමත් ප්‍රවනතාවයකි. තිබූ තත්ත්වයට  වඩා නවීකරණය වෙමින් අපගේ පාඨකයන්ට ඉතාමත් පහසුවෙන් දැනුම් අවශ්‍යතාවය සපුරා ගත හැකි පරිදි  මූලික වශයෙන් ළමා අංශය, කියවීම් අංශය, බැහැර දෙන අංශය, විමර්ශන අංශය, පුවත්පත් අංශය, සඟරා අංශය සහ පරිගණක අංශය වශයෙන් පාඨකයාට දැනුම ලබා ගැනීමට පහසු කරවීම සඳහා අංශ වලට බෙදා ඇත.

      අප පුස්තකාලයේ සම්පත් සංවිධානයේදී  හෞතික සම්පත් ලෙස බැහැර දීමේ අංශය, ළමා අංශය, හා විමර්ශන අංශය තුල ඇති ග්‍රන්ථ සම්භාරය 10455ක් පමණ වේ.