සභාපතිතුමාගේ පණිවිඩය
විජිත රංගමගේ
සභාපති
පස්ගොඩ ප්‍රාදේශීය සභාව
රුහුණු පුරවරයේ සුන්දර සිංහරාජ අඩවියට මායිම්ව ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූ පස්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශය ප්‍රජාවගේ සුඛ විහරණය සදහා සෞභාග්‍යවත් පුරවරයක් නිර්මාණය කිරීමේ අභිමානවත් දැක්ම පෙරදැරිව, එම කර්තව්‍යය සදහා මං පෙත් විවර කිරීමට බැඳී සිටින බලප්‍රදේශයේ ප්‍රථම පුරවැසියා වීම පිළිබඳ ඉමහත් සතුටට පත්වෙමි.
නවීන තාක්ෂණය හා අත්වැල් බැඳගනිමින් ,බල ප්‍රදේශය සතු සම්පත් තිරසාර ලෙස යොදවමින්, උපරිම ප්‍රජා සහභාගීත්වයෙන් යුතුව ප්‍රජාව සඳහා පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් නිර්මාණය කිරීම උදෙසා කැපවීමෙන් කටයුතු කිරීමට බල ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය ලෙස අප ආයතනයට පැවරී ඇති වගකීම නොපිරිහෙලා ඉටුකිර්‍ර්මට බැඳී සිටින බව ප්‍රකාශ කරමි.
පැරණි යල් පැනගිය ක්‍රමවේදයන් පසෙකලා නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් කාර්‍ය්බහුල සේවාලාභීන්ට මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ වඩාත් කාර්‍යක්ශමව හා එලදායී ලෙස සේවා සැපයීම සාක්ශාත් කිර්‍ර්ම උදෙසා අපගේ නිල වෙබ් අඩවිය ප්‍රකාශයට පත්කරනු ලබයි.
බල ප්‍රදේශයේ ග්‍රාමිය ජන ජීවිතය උසස් කිරීමෙහිලා ආයතනය සතු සම්පත් මනා ලෙස කලමණාකරනය කරගනිමින්, ඒවා කාර්‍යක්ශමව වැය කරමින් ,ප්‍රාදේශීය සංවර්ධනය සිදු කරමින්,ස්වයං උත්පාදන මාර්ගයන් දිරිගන්වමින් යන්නා වූ ගමන් මඟ සඳහා බදු ගෙවමින් බල ප්‍රදේශයේ උන්නතියට කැපවෙන ප්‍රදේශයේ ජීවනාලිය බදු මහජනතාව මෙන්ම ආයතනයේ අභිවෘද්ධිය උදෙසා නිරන්තරයෙන් කැපවෙන මාගේ සහෘද මන්ත්‍රී මණ්ඩලය සහ ලේකම්තුමිය ඇතුළු කාර්‍ය් මණ්ඩලයද ස්තූති පූර්වකව සිහිපත් කරමි.
ඉදිරි අභියෝගයන් සාර්ථක ලෙස ජයගැනීමට ආර්ථික ,සමාජීය ,සංස්කෘතික යන සියලු අංශ වල සංවර්ධනය මෙන්ම නව තාක්ෂණය (ඩිජිටල්කරණය) ද අත්‍යාවශ්‍ය බැවින් නව තාක්ෂණය උපයෝගී කරගනිමින් සේවාලාභීන්ගේ කාලය, ධනය , ශ්‍රමය ඉතිරි කරමින් සහ ඉතා කාර්‍යක්ශම ලෙස වඩාත් ඵලදායී සේවාවක් ලබාදීම මාගේ අභිප්‍රාය වේ.
එකී අභීප්‍රාය පෙරටු කරගනිමින් නොබෝ දිනකදී පස්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තිරසාර සංවර්ධනයේ හිනිපෙත්ත කරා රැගෙන යාමත් ලංකාවේ පළාත් පාලන ආයතන අතර ප්‍රමුඛ ස්ථානය කරා ළගා වීමත් මාගේ ඒකායන අපේක්ෂාවයි.