ලේකම්තුමියගේ පණිවිඩය

ආර්. දිනූෂා ලක්මාලි

ලේකම්
පස්ගොඩ ප්‍රාදේශීය සභාව

නූතනයේ තාක්ෂණයේ දියුණුවත් සමග මහජනයාට ඇවැසි සේවාවන් කාර්‍යක්ශමව හා එලදායී ලෙස ලබාදෙමින්    රාජ්‍ය සේවය හා මහජනයා අතර මනා වඩාත් සමීප සම්බන්ධතාවයක් ඇති  කරනු වස් පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ වෙබ් අඩවිය සාර්ථක ලෙස ආරම්භ කිරීමට හැකි වීම පිළිබඳව මා ඉමහත් සතුටට පත් වෙමි.

කාර්‍යබහුල සේවාලභීන් හට කාර්‍යාලයට පැමිණ සේවා ලබා ගැනීමේ සාම්ප්‍රදායික ක්‍රමවේදයට අමතරව  මාර්ගගත ක්‍රමවේද භාවිතයෙන් සේවාවන් පිළිබඳ දැනුවත් වීම. අයදුම්පත් ආදී ලේඛන භාගත කිරීම.නිවසේ සිට ගෙවීම් කරගත හැකිවී‍ම සහ නොපවරා ගැනීමේ සහතික ලබා ගැනීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම, අනුකූලතා සහතික ලබා ගැනීම, අනුබෙදුම් අයදුම්පත් අනුමත කිරීම ක්‍රීඩාපිටි,ශ්‍රවණාගාර,සුසාන භූමි,කුලී පදනම මත ලබා දෙන යන්ත්‍ර සූත්‍ර/වාහන වෙන්කිරීම ,මාර්ගගතව පැමිණිලි යොමු කිරීම ඇතුළු ප්‍රාදේශීය සභාවෙන් ලැබිය යුතු සේවාවන් සපයා ගැනීමට ද මෙම වෙබ් අඩවිය මගින් පහසුකම් සලසා දී ඇත.

ඒ තුලින් ජනතාවට ශ්‍රමය, ධනය හා කාලය ඉතිරි කර ගනිමින් ඉතා කඩිනමින් සේවාවන් ලබා දීමට පස්ගොඩ ප්‍රාදේශීය සභාව ජනතාවට සමීතම රාජ්‍යය ආයතනය වශයෙන් අප, වර්තමාන හා අනාගත පරපුරට සරිලන ආකාරයෙන් තිරසාර ලෙස සෑම පැතිකඩකින්ම විශිෂ්ඨ තත්වයට පත්වීම අරමුණ පෙරදැරිව,පළාත් පාලන ආයතනයක් සේ ක්‍රියා කිරීමේදී නවීන තාක්ෂණය,     යහ පාලනය විනිවිදභාවය හා පරිසර හිතකාමී බව යන කරුණු පෙරදැරි කර ගනිමින් බල ප්‍රදේශයේ‍ සංවර්ධනය,පොදු මං මාවත්, මහජන සෞඛ්‍ය හා පොදු උපයෝගිතා සේවාවන් සපයමින් ජනතාවගේ සුඛවිහරණය, පහසුව හා සුභ සාධනයට අවශ්‍ය පරිදි විධිමත් කිරීම පාලනය  හා පරිපාලනය ඉටු කිරීමට බල ප්‍රදේශයේ පළාත් පාලනය ආයතනය වූ පස්ගොඩ ප්‍රාදේශිය සභාව වන අප ආයතනය බැඳි  සිටින බව සඳහන් කරමි.

 පස්ගොඩ සභා බල ප්‍රදේශයට පැමිණෙන දහස් ගණනක් වන ජනතාවටත් සෞඛ්‍ය සම්පන්න, පොදු පහසුකම් වලින් පරිපුර්ණ සුවදායි පරිසරයක් නිර්මාණය කිරිමේ අපේක්ෂාව සාක්ශාත් කරගැනීම සඳහා මහජනතාවට කාර්යක්ෂම මෙන්ම  ගුණාත්මක මහජන සේවයක් ලබා දීමට   නිරන්තරයෙන් කැපවෙන මාගේ සහෘද  කාර්‍ය මණ්ඩලය කෘතවේදීව සිහිපත් කරන අතර අප සමග එක්ව සෑම කාර්යයකදීම අදහස්, යෝජනා හා චෝදනා ඉදිරිපත් කරමින්  කටයුතු කිරීමට ප්‍රදේශවාසී ඔබට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිමි.