සේවා අංශ

සංවර්ධන අංශය

වාර්ෂික සංවර්ධන සැලසුම් සකස් කරමින් සභා අනුමැතියට ඉදිරිපත්  කිරීම.ප්‍රාදේශීය සභා / විමධ්‍යගත/මන්ත්‍රී ප්‍රතිපාදන/උපමාන පාදක/පළාත් නිශ්චිත හ‍ා වෙනත් අරමුදල් මගින් ක්‍රියාත්මක කරනු ලබන සියලුම කර්මාන්ත සඳහා ඇස්තමේන්තු සැකසීම, අධීක්ෂණය කිරීම හා ගෙවීම් වාර්තා හා නිර්දේශ කර ඉදිරිපත් කිරීමත් වීථි රේඛා/නොපවරා ගැනීමේ සහතික නිකුත්  කිරීමට අදාළ නිර්දේශ ලබාදීමත් මාර්ග පළුදු කිරීම හා සම්බන්ධ වාර්තා හා නිර්දේශ ලබා දීමත් සිදු කෙරේ. එසේම සභාව සතු වාහන අලුත්වැඩියා කිරීමට නිර්දේශ කිරීම, අවශ්‍ය අවස්ථාවන් වලදී යාන්ත්‍රික ඉංජිනේරුගේ නිර්දේශය ලබා ගැනීම, දෛනික ධාවන සටහන් පරීක්ෂා කර අත්සන් තැබීම, සභාව සතු වාහන වල වාර සේවා පරීක්ෂා කිරීම හා නිර්දේශ ලබා දීම, බැකෝ ලෝඩර් යන්ත්‍රය,මෝටර් ග්‍රේඩර් යන්ත්‍රය සහ රෝලර් යන්ත්‍රය සම්බන්ධ මාසික ආදායම් වියදම් වාර්තා සඳහා නිර්දේශ ලබාදීම, පුහුණු, දිස්ත්‍රික් සම්බන්ධීකරණය හා ලේඛනාගාර,  කර්මාන්ත, මාර්ග පළුදු, , භාණ්ඩ සමීක්ෂණය විදුලි අංශය සම්බන්ධ රාජකාරි අධීක්ෂණය ආදී කටයුතු සිදු වේ.

        මීට අමතරව   පස්ගොඩ  ප්‍රාදේශීය සභාවට ලැබෙන විමධ්‍යගත අයවැය/උපමාන පාදක/පළාත් නිශ්චිත /පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදන/ සභා අරමුදල් ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන කර්මාන්ත සඳහා ගොනු ආරම්භ කර පවත්වාගෙන යාම, ඇස්තමේන්තු ප්‍රකාරව ගිවිසුම්ගත වීම, ප්‍රසම්පාදන කටයුතු ඉටු කිරීම, අදාළ ප්‍රසම්පාදන කමිටු කාරක සභා/මුදල් කමිටු නිර්දේශ සමගින් අදාළ ඇස්තමේන්තු මහා සභාවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීම, ගිවිසුම්ගත වීම, කර්මාන්ත සම්බන්ධ ප්‍රසම්පාදන කටයුතු සඳහා ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් හා පිළිගත් ලියාපදිංචි සමිති සමාගම් පිළිබඳ තොරතුරු ලේඛනගත කර තබා ගැනීම, අසාධුගත ලේඛන පවත්වාගැනීම, කර්මාන්ත සමිබන්ධ ප්‍රසම්පාදන කටයුතු කර අනුමැතිය ලබා ගැනීම සිදුවේ.